Saturday 31 December 2016

එයා සුදු ඇයි? මෙයා කළු ඇයි?


"සුදුනම් අයියේ ලස්සණ ද? පොල් බැයත් හරි සුදු නේද?" පුංචි කාලේ රසවිඳි ගීයක්..
"ලස්සණ බබෙක්. බෝනික්කෙක් වගේ. නිල් පාට ඇස් " කමෙන්ට් එකක්..


මෙසේ කෙනෙක්ගෙන් කෙනෙක්ට ශරීර වර්ණය වෙනස් වෙන්නේ කෙසේද?
මිනිසුන්ගේ ශරීර වර්ණය, ඇස් හා හිසකෙස්වල වර්ණය එකිනෙකින් වෙනස් වෙන්නේ සමේ ඇතිවන 'මෙලනින්' නම් වර්ණක විශේෂයක් නිසයි. මෙලනින් නිපදවෙන්නේ සමේ පිහිටන මෙලනොසයිට් නම් සෛල මගිනි. 

මෙලනින් වර්ණකය ක්‍රියා කරන්නේ කොහොමද? 
මෙලනින් වර්ණකය වැඩි අයගේ සම කළු, දුඹුරු හෝ තලඑළලු පැහැ වෙනවා. මෙලනින් අඩු අයගේ සමේ වර්ණය අඩුයි. පැහැපත්. සුදුයි.
ඇසේ ඉංගිරියාවේ වර්ණය හා හිසකෙස් වර්නයටත් මෙය බලපානවා. මෙලනින් හොඳින් ඇති අයගේ ඇස් කළු පැහැ වන අතර,මෙලනින් අඩුනම් ඇස් නිල්, අලු, කොළ හෝ දුඹුරු වේ.එයිනුත් මෙලනින් තරමක් අඩු අයගේ ඇස් දුඹුරු වන අතර මෙලනින් නොමැති අයගේ ඇස් නිල් පාටය.මෙලනින් අඩුනම් හිසකෙස් හා සමේ රෝම දුඹුරු,රතු හෝ සුදු වේ.

මෙලනින් ඇතිවීමට බලපාන සාධක මොනවාද ?
ජානමය සාධක මෙන්ම හිරුඑළිය. ඒ කියන්නේ දෙමාපිය ශරීර වර්ණයත්, හිරු එලියට සම නිරාවරණය වන ප්‍රමාණයත් බලපානවා. 
හිරුඑළිය මගින් සමේ මෙලනින් නිපදවීම වැඩි කරනවා. තද පාට හමක් ඇති අයගේ වර්ණය තව තද පැහැවීමත්, ලා වර්ණ සමක් ඇති අයගේ සම තද පැහැවීමත් හිරු එළියේ ඇති අල්ට්‍රා වයලට් A කිරණ මගින් සිදු වෙනවා.
ඇත්තටම මෙලනින් මගින් කරන්නේ සම හිරු එළියෙන් ආරක්ෂා කිරීමයි. ඒ නිසයි හිරු එලිය වැඩිපුර ලැබෙන රටවල අයගේ සම ස්වාභාවිකව තද පැහැ වන්නේත්, හිරු එලිය අඩුවෙන් ලැබෙන රටවල අයගේ සම සුදු පැහැ වන්නේත්.

මෙලනින් අඩංගු ආහාර තියනවද?
ආහාරවල මෙලනින් අඩංගු නැහැ. මෙලනින් වර්ණකය නිපදවීම කෙරේ බලපාන ආහාර තියනවා. විටමින් A හා E අඩංගු ආහාර මගින් මෙලනින් නිපදවීම සුදුසු ලෙස වෙනස් කරනවා. කැරට්, වට්ටක්කා, තක්කාලි, කොළ වර්ග, අලුත් පලතුරු, කිරි ආහාර, ධාන්‍ය වර්ග, ශාක තෙල් මේ අතරයි. විටමින් B හා D අඩංගු ආහාර මගින් ශරීරය අහිතකර UV කිරණවලින් ආරක්ෂා කරනවා. මේවා ආහාරයට ගැනීමෙන් සමේ ස්වභාවික වර්ණය රැකගත හැකියි.

විටමින් අඩංගු ආහාර හමේ ගෑමෙන් හම සුදු කරගත හැකිද? 

කැරට්, තක්කාලි, දෙහි, කෝමාරිකා, කහ වැනි දේ මගින් සම පිරිසිදු කරනවා. ඒවා සම තුලට කා වැදී සමේ පැරණි සෛල ඉවත් කිරීමට උපකාර වෙනවා. පිටින් ගෑමෙන් මෙලනින් වලට බලපෑමක් නැතත්, සමේ වර්ණය උද්දීපනය කරනවා. තව විස්තර මෙතනින් බලන්න 

වෙළඳ පොලේ ඇති සමට ගාන ආලේපන මගින් සමේ පැහැපත් බව ලබාගත හැකිද?

ලංකාව වගේ රටක හිරු එලියට නිතර සම නිරාවරණය වන නිසා අපට මෙලනින් අවශ්‍යයි. මෙලනින් පිළිකා ප්‍රතිරෝධකයක් නිසා. ක්‍රීම් වර්ග ගෑමෙන් හිරු කිරණ වැටීම වැලකි, මෙලනින් නිපදවීම අඩු වීමෙන් සම වර්ණ වීම අඩුවෙනවා. ආලේපය නැවැත්වූ වහාම සම කලින් වර්ණයට එනවා. ආලේපන මගින් සම වැසීමෙන් විටමින් D නිපදවීම අඩුවෙන එක තව අවාසියක්. විටමින් D සම ආරක්ෂා කරන අතර, පිලිස්සීමෙන් වලක්වනවා. හිරු එලිය සමට වැටීම කළු සුදු හැමට අත්‍යවශ්‍ය දෙයක්. නිසි පරිදි උදෑසන හිරුඑළිය සමට නොවැටීමෙන් ශාරීරික මෙන්ම මානසික රෝගත් ඇතිවෙනවා.
වෙළඳ පොලේ ආලේපන බොහොමයක සිරුරට නුසුදුසු තරම් රසදිය අඩංගු වෙනවා. එය පසුකාලින අයහපත් ප්‍රතිපල ඇති කරනවා.

සම සුදු කරගත හැකි එන්නත් තියෙනවද?
ඔව්. මෙලනින් නිපදවීම අඩු කරගත හැකි එන්නත් තියෙනවා. ඒවයෙත් රසදිය අඩංගු වෙනවා. දිගුකලින බලපෑම ගැන හොඳක් කියන්න බැහැ. 

ඔබ නොදන්නවත් ඇති සුදු හමක් තියන අය ඒ වර්ණය තද පැහැ වීමට මෙලනින් හදාගන්න එන්නත් හා පෙතිවර්ග පාවිච්චි කරනවා. හිරු එලියට සම නිරාවරණය වීමට සලස්වා වර්ණය
වැඩි කරගන්නවා (Tan කරනවා). හිරු එලිය නැති කාලෙට කෘතීම ලෙස UV කිරණ වලට ලක්වී tan කරගන්නවා. Tan කිරීම සුදු හමක් තියන අය ඉන්න රටවල ව්‍යාපාරයක්.  අපේ රටවලට ඇවිත් හිරුඑළිය ලබාගන්නෙත් සුදු අඩු පැහැපත් සමක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඒ අයගේ සම හිරු එලියට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉක්මනින් පිළිස්සෙනවා. ඒකයි හිරු එලිය නාන්න පෙර ක්‍රීම් අලේප කරන්නේ.


කෘතීම කොයි දේත් හොඳයි කියන්න අමාරුයි. වෛද්‍ය උපදෙස් ගැනීමයි වැදගත් මොන දේ භාවිතා කරන්නත් පෙර.
කෘතීම ආලේපන වලින් ඇත් වී, ස්වභාවික දේ වලින් හදාගන්න ආලේප ගෑමත්, අලුත් එළවලු පලතුරු කෑමත්, පිරිසිදු ඇල් ජලය පානය කිරීමත් මගින් ස්වාභාවිකව සම ආරක්ෂා කරගැනීම තමයි හොඳ.
 ලද දෙයින් තුටු වීම කෝකටත් වඩා හොඳයි.

උදව්:
www.medicinenet.com
articles.mercola.com

5 comments:

  1. බොහොම වටිනා ලිපියක්, විශේෂයෙන්ම සුදු වෙන්න බොහොම ආස යට මෙලනින් නිසා සෞඛ්යය රැකෙන විධිය දැන ගැනීම..පරිසර දූෂණය නිසා වේගයෙන් ඕසොන ස්තරය විනාශ වෙමින් පවතින යුගයක වැඩි පුර සුදු වෙන්න හදන අයට ඉක්මනින් සමේ පිළිකා හැදීමේ අවධානය පවතිනවා.. බොහොම මෑතකදී මන් දන ගත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ෆෙයාර් ඇන්ඩ් ලව්ලි දැන් පිරිමින්ටත් තියෙනවා කියලා.. සුදු කොල්ලෝ ගැණු වගේ කියලයි අපේ කාලේ නම් සැලකුවේ.. අනේ මන්දා දැන්නම්..

    ReplyDelete
    Replies
    1. සුදු අය පාට තද කරගන්න හදනව.. කලු අය සුදු වෙන්න හදනව.. ලෙඩවලටත් ඉලක්කයක් වෙමින් මොකටද මන්දා... තමයි

      Delete
  2. හොද වෙලාවට මං දැන් දැනගත්තා.
    තැන්කිව්

    ReplyDelete