Thursday 26 January 2017

සීත රටවල පළතුරු 2: බෙරි වර්ග

සෞම්‍ය කලාපිය රටවල හැදෙන බෙරි  වර්ග කිහිපයක් තියෙනවා. ස්ට්‍රෝබෙරි, රාස්ප්බෙරි, ගුස්බෙරි, ක්‍රන්බෙරි, බ්ලැක් බෙරි, බෙයා බෙරි, ක්ලවුඩ් බෙරි, හනිබෙරි ආදි ලෙස. කරන්ට් කියන වර්ගයත් බෙරි ගනයේම සැලකෙන්නේ.
වගා කිරීම එතරම් අපහසු නැති බෙරි බහු වාර්ෂිකයි. විටමින් හා ඛනිජ වර්ග බහුලව අඩංගුයි. මේ හැම වර්ගයක් ම කල් තියාගන්නේ ශීත කිරීමෙන් හෝ ජෙලි, ජෑම් හැදීමෙන්.
පුඩිං, අයිස්ක්‍රීම් හා යෝගට්වලට යෙදීමෙන් එම ආහාරවල රසත්, ගුණත් වැඩි කරනවා.

ස්ට්‍රෝබෙරි Strawberry : ලංකාවෙත් ශීත දේශගුණය ඇති පළාත්වල වවන්න පුළුවන් ස්ට්‍රෝබෙරි කුඩා නූස් පඳුරු ලෙස වැඩෙන්නේ.
බිම, පෝච්චි, එල්ලන පෝච්චි, බැග් ආදී ඕනෑම ක්‍රමයකට වවන්න පුළුවන්. හොඳ ජල වහනයක් තියන, අව්ව, හෙවන සමව ලැබෙන තැන්වල හොඳට වැවෙනවා. බිම පැල කරන්න හොඳම මාර්තු වලයි. ජුනි මාසේ වෙද්දී පලදාව ගන්න පුලුවන්. මුල්ම වසරේ එතරම් පලදාව නැතිවුනත් ඊළඟ වසර දෙකේ සරු වෙනවා. වර්ගය අනුව පල ලැබෙන කාලය වෙනස් වෙනවා. ජුනි, ජුලි සති දෙක තුනක් තමයි සාමාන්‍ය.
ඵල අවසන් වේගන යනකොට runners කියන කොලපාට දඬු දික්වෙන්න ගන්නවා. ඒවායේ කෙලවර කොළ හැදෙනවා. මේ කෙලවර කොම්පෝස්ට් පිරවූ පෝච්චිවල තද කර (කම්බි කැල්ලක් ආධාරයෙන් ) තබා, මුල් ඇදුනු පසු මව් ශාකයෙන් වෙන් කරගත හැකියි.
 පාත්තිවල නම් ශීත කාලයෙන් පසු තමයි වෙන් කරගන්නේ. සාමාන්‍යයෙන් ඵල දෙන්නේ අවුරුදු තුනක් පමණයි. ශෂ්‍ය මාරු ක්‍රමයට වගා කිරීම හොඳ බවයි කියන්නේ.
ස්ට්‍රෝබෙරි නෙලීම 








බ්ලූ බෙරි Blue berry : සාමාන්‍යයෙන් පලතුරක නැති නිල්පාටක් තියන පුංචි ගෙඩි හැදෙන බ්ලුබෙරි ගස් ටිකක් ලොකුවට හැදෙනවා. අව්ව ලැබෙන, තරමක ආම්ලික පසේ හොඳට හැදෙනවා. සරත්, වසන්ත ඍතු පැල කරන්න සුදුසුයි. හොඳ ඵලදාවක් ලබා ගන්න වසරකට වරක් කප්පාදු කරන්න ඕන. තරමක ආම්ලික පොහොර දීම හැර එතරම් සාත්තුවක් අවශ්‍ය නැති ගසකි.
රාස්ප්බෙරි Raspberry : මෘදු පලතුරකි. තරමක උසට පඳුරු ලෙස වැඩෙන ශාකයකි. දුර්වලකඳක් නිසා ආධාරක වැටක් බැඳීම සාමාන්‍ය ක්‍රමයයි. ශීත දේශගුණයේ හැදෙන ශාකයක් වුවත්, හැම දේශගුනයකටම සරිලන වර්ග තිබෙනවා. වාරයක් අවසානයේ කප්පදුවේදී අලුත් අතු ඉතිරි කර, පරණ ඵල දැරූ අතු ඉවත් කරයි.
වගා කිරීමට සුදුසු වසන්ත කාලයේ මුලයි. එතරම් සාත්තුවක් හෝ ජලය අවශ්‍ය නැති පැළෑටියකි.

ක්රෑන් බෙරි Cranberry : විශේෂිත පසක් හා ප්‍රමාණවත් ජලය නිතර අවශ්‍ය ශාකයකි. ප්‍රියජනක රසත්, විවිධ ක්‍රමවලට කල් තබා ගැනීමේ හැකියාවත් හේතුවෙන් ඇති ඉල්ලුම නිසා මහා පරිමාණයේ වගාවන් කෙරෙන පලතුරකි. පොලවට ආසන්නයේ වැඩෙන පඳුරු හා තරමක උස ගස් ඇත.
 වාණිජ වගා කෙරෙන තැන්වල අස්වැන්න නෙලා ගැනීමට බිමට වැඩිපුර ජලය සපයා, යන්ත්‍ර මගින් පාවෙන ක්‍රන්බෙරි එකතු කරගනී. සැප්තැම්බර්, ඔක්තෝබර් අස්වනු නෙලන කාලයයි.



කරන්ට් Currant : රතු, රෝස, කළු, සුදු වර්ණයන්ගෙන් ඇති රසවත් පලතුරකි. තරමක පඳුරු ලෙස වැඩේ. වසන්ත කාලයේ වගා කරන අතර ජුනි සිට අගෝස්තු දක්වා ඵල ලැබේ. එක පඳුරකින් කරන්ට් කිලෝ 5ක් පමණ නෙලාගත හැකිය. පොකුරු ලෙස ඇති නිසා නෙලිමද පහසු ය.
ටේ බෙරි  Tayberry : රාස්ප්බෙරි හා ස්ට්‍රෝබෙරි මිශ්‍ර පලතුරකි. කෙටි කාලයක් තුල ඵල සැදී හමාර වේ. තද ඇඹුල් බවත්, මෘදු බවත් නිසා වඩා සුදුසු ජෑම්, ජෙලි සැදීමටයි.


බ්ලැක් බෙරි : අඩි කිහිපයක් උසට වැඩෙන කටු සහිත ශාකයකි. පැල වී දෙවන වසරේ සිටම ඵල ලබා දෙයි.හොඳ පාංශු වයනයක් ඇති පසක, හිරු එලිය හා සෙවන සම පමණ ලැබිම සාර්ථක ලෙස ඵල ලබාදීමට හේතු වේ.පහසුවෙන් රෝගවලට ගොදුරුවන ශාකයකි.

අනිත් බෙරි වර්ගත් රසයෙන් ගුණයෙන් මේ විදියම තමයි.



රසුදැල් හැඬවීමට උදව්:
 Renuka Wimalarathna
 Professor Murray
සමහර පින්තුර අන්තර්ජාලයෙන්.

7 comments:

  1. වටිනා ලිපියක්. ශිත රටවල බෙරි වර්ග කන්නේ ආහාර මාර්ගය ශුද්ධ කර ශරීරය ධුලකහරණය කිරීමේ අභිප්‍රායෙන්. අධිකව ප්‍රති ඔක්සිකාරක අඩංගු නිසා

    ReplyDelete
    Replies
    1. මේ අත්තම්මගේ මිනිබිරීනම් පොල් කොලයක් දුන්නත් ගුණ කියයි :)

      Delete
  2. What did one strawberry say to the other strawberry? If you weren't so sweet, we wouldn't be in this jam!

    ඔබ ලියන විවිධ ආකාරයේ ලිපි රසවත්. දිගටම ලියන්න.

    ReplyDelete
  3. http://www.gardeningchannel.com/list-of-types-of-berries/

    ReplyDelete